Wednesday 15th of April 2026

English Tamil
Advertiesment


IMF පදේටම නටන්නේ නැතිව රටේ සුළු හා මාධ්‍ය ව්‍යාපාර රැකගන්න වැඩපිළිවෙළක් යොදන්න - විපක්ෂ නායක


2026-04-10 1282

 

මෙලෙස සුළු හා මධ්‍ය කර්මාන්ත වැසී යාම බරපතල ගැටලුවක් 

 

- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි -

 

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 52%ක දායකත්වයක් දළ දේශිය නිෂ්පාදනයට ලබා දුන්නත් ඊට සාපේක්ෂව පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග අර්බුධය දක්වා අර්බුධ රැසකට මොවුන් මුහුණ දුන් බවත් IMF කොන්දේසියක් මත සෙස් බද්ද ඉවත් කරන්න රජය සූදානම් වීමෙන් දේශීය කර්මාන්තකරුවන්ට බරපතල අගතියක් සිදුව රැකවරණය අහිමි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඊට අමතරව පාරා‌ටේ නීතිය තාවකාලිකව නතර කළත් මේ කාලයේ ණය බරින් පිරුණු ව්‍යාපාරිකයන්ට සහන නොලැබෙන බවත් අවම වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු නොවුණු නිසා බරපතල අගතියකට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

අප රටේ අපනයන කෙන්ද්‍රීය කර්මාන්තශාලා වසා ඒවා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ස්ථාපිත වන බවත් එම නිසා ආන්ද්‍ර ඔඩිසා වැනි ප්‍රාන්තවල කර්මාන්තකරුවන්ට Industrial Park පවා ඇතිවන බවත් මෙරට කර්මාන්තශාලා රැසක් මෙසේ ඉන්දියාවට යාම නිසා විශාල හානියක් අප රටට වන නිසා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය රැක ගන්න ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගන්න IMF එක කියන කියන පදයට නටන්නේ නැතිව අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න පියවර ගන්නා ලෙසත් එසේ නොවන්නේ කර්මාන්තශාලා අප රට අතහැර යා හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Advertiesment